News

ඉදිරි ජනපතිවරණයේදී සියලු ජාතින්ගේ විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයා සිටින්නේ එජාපයේ

ඉදිරි ජනාධිපතිවරණයේ දි සියලු ජාතින්ගේ විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළේය.

අද වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල ජනාධිපතිවරණයට අවධානය යොමු කර ඇති බවත්, එහිදී ජයග්‍රහණය කිරීමට නම් එක් ආගමක, ජාතිකයක හෝ ප්‍රදේශයක සහය ලබා ගෙන පමණක් සෑහීමකට පත්විය නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළ අතර අපේ රටේ ඇති ජන්ද පදනම අනුව සෑම ආගමක්,ජාතියකගේම සහය ලබා ගත හැකි අයෙක් පමණක් ජනාධිපතිවරණය ජය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැක්කේ උතුරේත් දකුණෙත් ජනතාවගේ කැමැත්ත දිනා ගන්න හැකි අයෙකුට පමණක් වන බව ද අමාත්‍යරවයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය. එයට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හෝ එයට බැඳුණු සන්ධානයට පමණක් වන බවත් එවැනි අපේක්ෂකයෙක් සිටින බවත් සඳහන් කළ අමාත්‍යරයා අද ඇතැමුන් අමෙරිකාවේ පුරවැසිභාවය දරා ගෙන ඡන්දයට ඒමට සිතා සිටින බවත් ඊට ප්‍රථමයෙන් අමෙරිකාවට ලබා දුන් පොරොන්දුව අතහැර “මට ඇත්තේ එක රටයි“ යනුවෙන් සඳහන් කරන ලෙස ද පැවසීය.

එමෙන්ම බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාටම වෙනත් රටක පුරවැසිභාවය ඇතිව මෙරට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.