ඉදිරි මැතිවරණ ජයගන්න පොහොට්ටුව හෙට සිට අලුත් ගමනක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවීම හෙට (26) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහිකිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ද හෙට (26) පෙරවරු 9.00ට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති ඇති බවයි.
මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, මුස්ලිම් උලමමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, භූමිපුත්‍ර පක්ෂය යන දේශපාලන පක්ෂ හෙට දිනයේ අවබෝධතා ගිවිසුමට එක්වීමට නියමිතයි.
