ඉන්ටර්නෙට් ඩේටා නියාමනය සම්බන්ධයෙන් තීරණයක්
මේ වසරේ අප්‍රේල් වන විට පාරිභෝගිකයන් හට අසීමිත අන්තර්ජාල සැලසුම් (Unlimited Data Packages) අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඔවුන්ගේ ෆේස්බුක් පිටුවෙහි සහටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. එසේම පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත 2021 මාර්තු 01 දා වන විට ‘සපයන ලෙස අන්තර්ජාල සපයන්නන් හට නියෝග නිකුත් කළ බවද සඳහන් ය.
මේ වන විට අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කරන ක්‍රියාවලියක නිරත වන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.