ඉන්දියාවේ සිරවුනු ලංකාවේ සිසුන් විඳන දුක කියන වීඩියෝවක් නිකුත් වේ
ඉන්දියාවේ උසස් අධ්‍යාපනය සඳහා ගොස් මේ වන විට ඉන්දියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකේය සිසුන් පිරිසක් තමන් මුදා ගන්නා ලෙස ආයාචනා කරමින් වීඩියෝව ක් නිකුත් කර ඇත.
ගුජරාට්, ඔඩිස්සී, කර්නාටක, පන්ජාබ්, මහාරාෂ්ඨ යන ප්‍රාන්තවල හා නවදිල්ලිය, මනිපූර්, ලක්නවු යන නගර වල උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් 200කට ආසන්න පිරිසක් නියොජනය වන පරිදි මෙම වීඩියෝව නිකුත් කර ඇති අතර මේ වන විට ඔවුන් මූන පා සිටින බරපතල ගැටලු රාශියක් පිළිබඳවද එහිදී අනාවරනය කර ඇත.
මේ වනවිටත් දින 21 ක කාලයක් සම්පූර්ණයෙන් වසා දමා ඇති ඉන්දියාවේ ජීවත්වන පිටස්තර පුද්ගලයින් ලෙස ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම්වත් සලසා ගත නොහැකි තත්ත්වයක පසුවන බැවින් යම් කිසි හෙයකින් ඔවුනට අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන් මෙන්ම මෙරට ජීවත්වන ඔවුන්ගේ මවුපියන්ගේ මානසික තත්ත්වය පිළබදවද සලකා බලා තමන් හැකි ඉක්මනින් මවු බිමට ගෙන්වා ගන්නා ලෙස මෙම සිසු පිරින ජනාධිපතිවරයාගෙන් හා අගමැති වරයාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවට පැමිණෙන තමන් කුමන කාලයක් වුවද නිරෝධායනයට ලක් වීමට ඔවුන් සූදානම් බවද මෙම වීඩියෝව පුරාම තිබීමෙ විශේෂත්වයක්.
විඩියෝව පහතින් නරඹන්න.