News

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා දිවයිනට

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා අද (07) පස්වරුවේ දිවයිනට පැමිණ ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 281 දරන ගුවන් යානයෙන් අද පස්වරු 3.45ට පමණ ඔහු මෙරටට පැමිණි ඇති අතර ඔහු සමඟ 07දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරටට පැමිණි ඇත.

දින 2 ක් මෙරට රැඳී සිටින ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි.