News

ඉන්දීය ධීවරයින් අටක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු ඊයේ(17) උතුරු නාවික නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පවසයි.

ශිවකරන් මහතා පැවසූවේ මෙරට සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටියදී බෝට්ටුවේ කාර්මික ‍දෝෂයක්‍ හේතුවෙන් අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා නිළධාරීන් විසින් බේරාගෙන යාපනය ධීවර පරීක්ෂක නිළධාරීන් වෙත භාරදි ඇති බවයි.

ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍ර‍දේශයේ පදිංචි පිරිසක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර,අදාළ පිරිස යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය හරහා යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.