News

ඉන්දුනීසියාවේ දේවස්ථානයක් ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයක් ආසන්නයේ බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබේ.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරක් ලෙස සිදුකිරීමට උත්සහ කර තිබෙන අතර ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුවාල කරුවන් කිහිප දෙනෙකු බරපතල බව ද සඳහන් ය.

ප්‍රහාරය සිදුකිරීමට පැමිණි පුද්ගලයා දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇත. එහිදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.