News

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7 .3 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි.

කෙසේ වෙතත් භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැත.

භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.