News

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 කින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල අද සිට අඩුකරන බවයි.

ඉන් අනතුරුව අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල අඩු කරන බවයි.

මේ සම්බන්ධයෙන් මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ ඉන්ධන මිල අඩු කිරීම පිළිබදව තැබූ සටහන පහතින්….