Top Story

ඉන්ධන මිල යළි ඉහළට 

මිල සූත්‍රයට අනුව රජය ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 4කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක මිල රුපියල් 118 සිට රුපියල් 123 දක්වා ඉහළ දමා ඇති අතර  සුපර් ඩීසල් ලීටරයක් රු 130 සිට 133 දක්වා ඉහළ නංවා ඇත.

IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.ඔවුන්ගේ නව මිල ගණන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.150ක්, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රු.164ක්, ඩීසල් 123ක්, හා සුපර් ඩීසල් 133ක් වශයෙන් දැක්වෙයි.

සුගත් පෙරේරා