ඉන්ධන සූත්රය ගැන තීරණය එන සතියේ
ඉන්ධන මිල සූත්රය තවදුරටත් ක්රියාත්මක කරනවාද, නැතිද යන්න පිළිබඳව ඉදිරි සතියේදී තීරණය කරන බව මගී ප්රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඉන්ධන මිල සූත්රය සම්බන්ධව වාර්තාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කැඳවා ඇති බවත්, මිල සූත්රය තවදුරටත් ක්රියාත්මක කරනවාද,නැතිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කර තීරණය කරන බවත් ඇමැතිවරයා කීවේය.
සාලිය කුමාර ගුණසේකර
