ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ 172ක් නිවෙස් බලා පිටව යයි
ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් 172දෙදෙනකු අද සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.
විදෙස් රටවල සිට මෙරටට පැමිණි එම පිරිස පසුගිය මාර්තු මස 21 වනදා සිට නිරෝධායනයට ලක් කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය අදාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි මෙම පිරිස අද උදෑසන මෙලෙස නිවෙස් බලා පිටව ගොස් තිබේ.
