ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු දෙදෙනෙක් නැවත දිව්රුම් දෙති
පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරු දෙදෙනෙකු අද යළිත් රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත.
ඒ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාය.
ජනාධිපති කාර්යාලයේදී මන්ත්‍රීවරු දෙදෙනා අද උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස යළි දිවුරුම් දී ඇත.
මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අලි සහීර් මවුලානා සෙයිඩ් මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී ඇත.
