News

ඉල්ලීම් 20ක් නිසා හෙද හෙදියන් ලෙඩ වෙයි – ලෙඩ්ඩු අසරණ වෙයි

රාජ්‍යය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරන හෙද නිලධාරිනියන් අද (26) ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු වලට බාධා එල්ල වී ඇත.

සිය වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත වසර 04 ක පමණ කාලයක සිට දැනුම් දුන්න ද මේ දක්වා ඒ සඳහා විසදුම් ලබා දී නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පෙන්වාදෙන්නේය.

ඊට විරෝධය පල කරමින් අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිවයින පුරා සියළු රෝහල්වල සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බව සදහන් කළ එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ මේ වන විට සිය වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සංවිධායක ලේකම් ශාන්ත ඉලන්දර මහතා පළකළ අදහස් පහතින් වේ….