ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදට යේදී ඇත.
අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ, අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදී ය.
උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කර ඇත්තේද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.