News

ඉවතලන එළවළු වලින් විදුලිය නිපදවන නිෂ්පාදනාගාරයක්

ඉවත දමන එළවළු වලින් විදුලිය නිෂ්පාදනය කරන ජීව වායු නිෂ්පාදනාගාරයක් ඉන්දියාවෙන් වාර්තා වේ.

මෙම ජීව වායු නිෂ්පාදනාගාරය ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටා ඇත.

මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවලු තොග ගණන් මෙම ස්ථානයට රැගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් ඇඹරීම සිදු කර ඉන් ලබා ගන්නා ද්‍රාවණ පල්කිරීමෙන් ලබා ගන්නා ජීව වායු සුවිසාල ටැංකිවල ගබඩා කිරීම සිදු කරනු ලබයි.

ඛණිජ තෙල්වලින් බලශක්ති උත්පාදනයට වඩා මෙම ක්‍රමය ඉතාමත් පරිසර හිතකාමී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.