News

ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍යක් වැටලිය හැකි සුනඛයින් 70කට විශේෂ පුහුණුවක්

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී ඇත.

එම සුනඛයින් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වන අතර ඔවුන්ට ලොව පවතින අති නවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇත.

මේ අතර, කටුනායක ගුවන් තොටුපළ හා කොළඹ වරාය සඳහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපිත කර ඇති බවත්, එම ඒකක මගින් එහි වැටලීම සාර්ථකව කළ හැකි බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් සඳහන් කරයි.