ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටේ
ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට සොහාන් පළාතේ ටහ්ටා නගරයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් දුම්රිය මැදිරි පිලි පැන පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් තවත් පුද්ගලයින් 165 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
යම් පුද්ගලයෙකු විසින් එක් දුම්රියක හදිසි තිරිංග ක්‍රියාත්මකකර ඇති නිසා පිටුපසින් පැමිණි දුම්රිය එහි ගැටී අතර එය දුම්රිය අනතුරට හේතුවී ඇති බව එරට දුම්රිය බලධාරීන් ප්‍රකාශකර ඇත.
අනතුරට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබාදෙනු ඇති බව එරට ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.