News

ඊළඟ එන්නත් තොගයේ ප්‍රමුඛතාව ලැබෙන පිරිස මෙන්න

දිවයිනට රැගෙන එන ඊළඟ කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාමලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම දිවයින පුරා නිදහස් වෙළද කළාපය තුළ සේවක සේවිකාවන් 130,000 කට අධික පිරිසක් සිටින අතර ඔවුන්ට ද කොවිඩ් එන්නත ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත.