ඊ-හෙල්ත් කාඩ්පත පෙබරවාරි සිට නිකුත් කෙරේ
මෙරට මිලියන 21ක ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.
ලබන පෙබරවාරි මාසයේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
මූලික අදියර ලෙස කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් කාඩ්පත් නිකුත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ඒ අනුව මාස 06ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතයි.
ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුලින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලේ දී සිදු කෙරුණා.
මේ අතර දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙල ද සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
හොරණ මූලික රෝහලෙන් 2015 වසරේ දී ආරම්භ කළ මෙම වැඩපිළිවෙල තුළින් මේ වන විට රෝහල් 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිගණක ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.