News

උඩරට මැණිකේ පීලි පැනීමක්

උඩරට මැණිකේ පීලි පැනීමක්

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත.

අද (30) දහවල් පීලි පැනීම සිදුව තිබේ.

මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවූ බව පැවසේ.

කෙසේ වෙතත් පීලි පැනීමෙන් අනතුරුව එන්ජිම ගලවා ඉවත් කර දුම්රියේ ඉදිරිපස එන්ජිම සහිතව නාවලපිටිය දුමිරිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.

පීලි පැනීමට ලක්වූ උඩරට මැණිකේ දුම්රිය එන්ජිමේ පීලිගතකිරීම් කටයුතු මේ වන විටත් අරඹා ඇති බවත් එතෙක් උඩරට මැණිකේ දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට තරමක බාධා පැමිණෙන බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.