උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ නඩුව ලබන මස 07 වෙනිදාට කල්යයි
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන මස 07 වෙනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
අද(18) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ එම නඩුව කැඳවා ඇති අතර නඩුවට අදාළ විත්තියේ දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.
ඒ අනුව විනිසුරුවරයා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිට ඇත්තේ එම නඩුවට අදාළව විත්ති පාර්ශවයේ වාචික දේශන ලබන 07 වනදාට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.