උත්සව සමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහ පොලිසියෙන් 8000ක් පාරට
එළඹෙන උත්සව සමයත් සමඟ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා යොදවා ඇති බව වාර්තා වෙයි.
ඉදිරි දින කිහිපයේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහෙයුම් සිදුකිරීමට ද තීරණය කර ඇති බව පොලීසිය සඳහන් කළ අතර එම මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ශ්වසන වායු උපකරණ 25,000ක් පමණ මෙරටට ගෙන්වා
ඇත.එම උපකරණ සියළු පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කරයි.