උතුරුමැද උපාධිධාරින් 539කට ගුරු පත්වීම්
උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්රදානය කිරීම මෙහි දී සිදු වූ අතර සංකේතාත්මක ව ජනාධිපතිවරයා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
