නවතම ප්‍රවෘත්ති

උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියාඹන්න බෑ – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියෑඹීමට නොහැකි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඊයේ 29 දඹුල්ලේදී පැවසීය.

ඔහු ඒ බව සදහන් කළේ රට රකින රට හදන බලවේගය නමින් දිවයින පුරා ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන ජනතා සම්මන්ත්‍රණයකදීය.

අද ඇතැමුන් ව්‍යාජ ජාතිවාදය පතුරවමින් සිටින බවත් එල්ටීටීඊ ත්‍රස්තවාදය හිස ඔසවා නැවත සිවිල් යුද්ධයක් ඇති වන්නට  කිසිසේත් ඉඩක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.