උතුරු පළාතේ පාසල් ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්
උතුරු පළාතේ පවතින ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් 27 වැනිදා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී හා මුලතිව් තුනුක්කායි අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විණ.
පළාත තුළ පවතින ගුරු මාරුවීම් හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්වයට ගැටළුවක් ඇති නොවිය යුතු අතර, දුෂ්කර පාසල්වල අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගණිතය,විද්‍යාව හා ඉංග්‍රිසි විෂයන් සදහා ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා එහිදි අදහස් දක්වනු ලැබීය.
ගුරු සංචිත පිහිටුවා ඒ තුළින් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවිමට කටයුතු කළ යුතු අතර, අනුප්‍රාප්තිකයෙකු නොමැතිව ගුරු මාරුවීම් නොකරන ලෙද ආණ්ඩුකාරවරයා එහිදි අධ්‍යාපන නිළධාරීන් වෙත උපදෙස් ලබාදුණි. සාකච්ජාවන් වෙනුවෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංහ ලේකම් එස්.සත්‍යසීලන්ම හතා,උතුරු පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් එච්.සෝමසිරි මහතා,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හා අධ්‍යාපන දෙපාර්තමේන්තු නිළධාරීන්,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් පාසල් විදුහල්පතිවරුන්,පාසල් ගුරුවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.