උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ පී. බී දිසානායක අභාවප්‍රාප්ත වෙයි
උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ පී. බී දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වර්ෂ 1994 සිට 2001 කාලය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ දිසානායක මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි.
ඔහු මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඌව පළාතේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.
පී. බී දිසානායක මහතාගේ දේහය අනුරාධපුර අංක 354 දෙවන පියවර නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතය.