News

උතුරු මුහුදේ ආරක්ෂාව ගැන යුධ හමුදාපති හා උතුරු නාවික ප්‍රධානීන්ගේ අවධානයට

යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා නාවික හමුදා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් එස්.එම්.ඩි.කේ.සමරවීර මහතා අතර සාකච්ජාවක්  12 වැනිදා යාපනය කන්කසන්තුරය පිහිටි උතුරු නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණ.

යුධ හමුදාපතිවරයාගේ උතුරු පළාත් සංචාරය අතරතුර යුධ හමුදාපතිවරයා උතුරු නාවික
විධාන මූලස්ථානයේ සංචාරයට එක්ව සිටියහ.

ඉන්දියාව තුළ කොරෝනා උවදුර ව්‍යාප්තියත් සමඟ මුහුදු මඟින් මෙරටට සංක්‍රමණිකයින්  පැමිණීම වැළැක්වීමට උතුරු සාගර කලාපයේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් යුධ  හමුදාපතිවරයා හා උතුරු නාවික විධානය භාර ආඥාපතිවරයා අතර එහිදි සාකච්ජාව  පැවැත්වු බව ආරක්ෂක අංශ පැවසූහ.

උතුරු නාවික විධානයට අනුයුක්තව සේවය කරන නාවික නිළධාරීන් වෙනුවෙන් නව වසරට  සුභ පැතුම් එක් කිරීමටද යුධ හමුදාපතිවරයා එහිදි කටයුතු කළහ. කන්කසන්තුරය වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණයටද යුධ හමුදාපතිවරයා එහිදි එක්වූහ.

වැඩසටහන් අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන්  වනිගසූරිය මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය.