උදුවප් පුර පසළොස්වක පෝය අදයි
2018 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.
ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකය.
සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද අද වැනි දිනකය.
ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.
උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.
ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇරඹෙන්නේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.