උප්පැන්න සහතික අලුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැරසෙයි
ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් වන පරිදි උප්පැන්න සහතික නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
එම කටයුතු ලබන අප්‍රේල් මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා ප්‍රකාශ කළ අතර නිකුත් කීරිමට නියමිත නව උප්පැන්න සහතිකය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නිකුත් වනු ඇත.