News

උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව මැයි 4 වැනිදා

රැකියා විරහිත උපාධිධාරින්ට ලබාදුන් පත්විම්වලට අදාල අභ්‍යාසලාභී පුහුණුව මැයි 4 වැනි දින ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.

පුහුණව සඳහා මැයි 4 වැනි දින හෝ 11 වැනි දින හෝ පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම් දී තීබේ.

උපාධිධාරී පුහුණුව ඡන්ද විමසීම නිමවන තුරු නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා පියවර ගත්තේය.