උපාධිධාරී දීමනාව මාර්තු සිටම
පත්වීම් ලබාදී ඇති උපාධිධාරීන් 45,580 දෙනාගේ පුහුණුවීම් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇතත් ඔවුන්ගේ දීමනා මෙම මස 01දා සිට ගෙවිය යුතුව ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ (05වැනිදා) ප්‍රකාශ කළේය.
මෙම එක් උපාධිධාරියකුට මසකට රුපියල් 20,000 බැගින් ගෙවන අතර එම මුදල ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවද ඇමැතිවරයා කීවේය.
ඒ අනුව පුහුණුව නැතත් මෙම උපාධිධාරීන් 45,580 වෙනුවෙන් මසකට රුපියල් අනූ එක් කෝටි දහසය ලක්ෂයක මුදලක් ගෙවන බව කී ඇමැතිවරයා දේශපාලන පක්ෂ භේදයක් නොතකා ලබාදුන් මෙම පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට තේරුම්ගත නොහැකි බවද කීවේය.
ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස මෙම රැකියා ලබාදීම ක්‍රියාත්මක කළ බවද, උපාධිධාරීන් 45,580ට පත්වීම් ලිපි යැව්වේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පෙබරවාරි 27, 28, 29 සහ මාර්තු 01 යන දිනවලදී බවද ඇමැතිවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
අජිත් අලහකෝන්
