News

උසස් පෙළ විභාගය සඳහා සම්මන්ත්‍රණ හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන, සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර එම විභාග අවසන් වන තෙක් තහනම බල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළව අදාළ කාල පරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම්ය.

05 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වන දා පවැත්වෙන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය ලබන මස 05 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත.