උසස් පෙළ සිසුන්ට Tab දෙන්න අධ්‍යාපන ඇමති සැලසුම් කරයි
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB, කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී ඇති අතර නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය අංශය සඳහන් කරයි.
1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසු ව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූ උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.