ඌරු ජුවා සතුටු කරන්න එලිෆන්ට් හවුස් එක බය කළ සුද්දා කොටුවේ
හංවැල්ල, නවගමුව, රනාල එලිෆන්ට් හවුස් ආයතනයේ මිනිස් බල (man power) ආයතනයෙන් කප්පම් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන පතිරගේ අරුන ශාන්ත පෙරේරා හෙවත් සුද්දා ඊයේ (23) පස්වරුවේ විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරු ජුවා නමැත්තාගේ සමීප ඥාතියකු වේ.
අංක 83/3/ ඩී, බදුවත්ත, දැඩිගමුව යන ලිපිනයේ පිහිටි නිවසේ සිටිියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ ති බුණු නීති විරෝධී මත්ද්‍රව්‍ය වන ඩයසටයිල් මෝර්ෆීන් හෙවත් හෙරොයින් ද අත්අඩංගුවට පත් වී ඇත.
සැකකරු හංවාැැල්ල, රනාල සහ නවගමුව ඇතුළු තදාසන්න ප්‍රෙද්ශවල පිහිටි මිනිස් බල ආයතන සහ ප්‍රවාහන ඒජන්සි මගින් බලහත්කාරයෙන් කප්පම් ලබාගෙන ඌරු ජුවා යන සංවිධානාත්මක අපරාධකරු වෙත ලබා දී ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිසියට භාර දී ඇත.
