News

ඌවේ මහ ඇමති පළාත් සභාවේ මුදල් වලින් පිටරට සංචාරයකට යාමට සුදානම්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අනිද්දා (10) දින වියට්නාමයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කර සිටියි.

ඌව පළාතේ පළාත් පාලන ආයතනවල විදුලි පහන් ව්‍යාපෘතියක් සඳහා මෙම සංචාරය සිදුකිරීමට නියමිත බව සඳහන් කරන අතර මෙම සංචාරය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවෙන් මුදල් ලබාගෙන ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.