ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි
ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක තද වැසි සමග ප්‍රබල අකුණු තත්ත්වයක් ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කල අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කිරීමට හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.