News

“එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවා, නැත්තම් එලවනවා. එලවලා නායකයෙක් හදනවා”

වසර 70ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ නොතබන බව බොදු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු බව ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ ප්‍රකාශ කළේ “එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවාත නැත්තම් එලවනවා.එලවලා නායකයෙක් හදනවා” යනුවෙනි.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය ජාතික න්‍යාය පත්‍රයක් උදෙසා අනිවාර්යයෙන්ම අධිෂ්ඨානශීලිව වැඩ කටයුතු කරන බවත් ජුලි මස 7 දින සිට ඒ සඳහා අවශ්‍ය වැඩසටහන මහනුවරින් ආරම්භ කරන බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසීය.