News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට කෝවිඩ්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට පළවන ගල්ෆ් නිවුස් පුවත් සේවය ඊයේ (10 වැනිදා) වාර්තා කළේය.

එම පුවත් සේවය වාර්තා කළේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (10 වැනිදා) මෙම වෛරසය ආසාදිත වූ රෝගීන් පහළොස් දෙනෙකු හමු වූ බවත් ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය.
මේ අනුව පසුගියදා ඉතාලියෙන් වාර්තා වූ ආසාදිතයාත් සමග කෝවිඩ්-19 වෛරසය ආසාධිත ශ්‍රී ලාංකිකයන් ගණන තුන දක්වා ඉහළ ගොස් තිබේ.
චාමර පල්ලේගෙදර