News

එක්සත් ජාතික පෙරමුණේ තවත් රැස්වීමක් අද

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

ඉදිරි දිනවලදී ගතයුතු ක්‍රියාමාර්ගයත් සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර ඊයේ දිනයේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත් වුණා.