News

අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධනයන්ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ලේදී

ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත.

ජයවර්ධන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර මිය යන විට 69 වන වියැති ඔහු අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහලගේ සැමියා හා ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාරගේ පියාය.