එජාපයට සහය ඕනෑ නම් අභ්යන්තර ප්‍රශ්න විසඳාගන්න හකීම්, මනෝ, දිගම්බරන් සහ රිෂාඩ් අගමැතිට කියයි
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය පළකිරීමට නම් එ.ජා.ප. අභ්යන්තර ප්රශ්න විසඳාගනිමින් කඩිනමින් සන්ධානයක් හා ජනාධිපතිධුර අපේක්ෂකවරයකු නම් කරන ලෙස රවුෆ් හකීම්, මනෝගනේෂන්, පී. දිගම්බරම් හා රිෂාඩ් බදුර්දීන් යන ඇමැතිවරුන් එ.ජා.ප. නායක අගමැති රනිල් වික්රමසිංහ හට දැනුම් දී තිබේ.
ඇමැති මනෝගනේෂන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ කථානායක කරු ජයසූරිය සමග කථානායක නිල නිවසේදී දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති බවද වාර්තා වේ.
ඇමැති මනෝගනේෂන් ප්රකාශ කළේ පොදුජන පෙරමුණ සිය ජනාධිපතිධුර අපේක්ෂකයා මේ වන විටත් නම් කර ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු නිල නොවන මට්ටමින් ආරම්භ කොට තිබියදී ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය පිළිබඳ එ.ජා.ප. අභ්යන්තරයේ මතුවී ඇති ප්රශ්න නිසා මේ වන විට එක්සත් ජාතික පෙරමුණට සහය පළකරන පක්ෂ අභ්යන්තරයේ අනවශ්ය ප්රශ්න මතු වී ඇති බවය.
උද්ගත වී ඇති තත්ත්වය යටතේ එ.ජා.පය ප්රමුඛව පිහිටුවීමට නියමිත සන්ධානය සඳහා සහය පළකිරීම සම්බන්ධයෙන්, රවුෆ් හකීම්, පී. දිගම්බරම්, රිෂාඩ් බදුර්දීන් හා මනෝගනේෂන් යන ඇමැතිවරුන් දීර්ඝ ලෙස සාකච්ඡා ගණනාවක්ම සිදුකොට ඇති බවද වාර්තා වේ.
රංජිත් ගුණවර්ධන
