එජාපයෙන් කල්තැබීමේ යෝජනාවක් ගෙන ඒමට සුදානමක්
අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන බවයි එම ආරංචිමාර්ග විසින් සඳහන් කළේ.
අද පස්වරු 1ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.