එජාපයේ අර්බුද ඉදිරියේදී සුබවාදීව විසදෙයි
එක්සත් ජාතික පක්ෂය තුළ ඇතියැයි පැවසෙන අර්බුද ඉදිරියේදී සුබවාදීව විසඳී යන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
අද(20) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර කැබිනට් සාකච්ඡාව ඉතා හොඳින් සිදුවු බවත් පක්ෂයේ දේශපාලන තත්ත්වය කැබිනට් රැස්වීමට අදාළ නොවු බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
