News

එජාපයේ ජනපතිවරණ සැලැස්ම එළියට

විපක්ෂය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් තිදෙනකුගේ නම් යෝජනා කරගෙන ඇති බව වාර්තා වේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති රනිල් හිතවාදී හමුවකදී එම යෝජනාව ඉදිරිපත් වී ඇත.
විපක්ෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ හොත් එයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

විපක්ෂයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ ඉදිරිපත් කළහොත් වත්මන් කථානායක කරු ජයසූරිය ඉදිරිපත් කළ යුතු බවට එහිදී යෝජනා වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සෙසු පක්ෂවල සහාය ඇතිව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළහොත් වත්මන් අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.