එජාපයේ නායකයා තවදුරටත් අගමැති රනිල්
ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා.
ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(24) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වූ අවස්ථාවේදීයි.
එහිදී ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එහි හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මඩුල්ල ලෙස නැවතත් තේරී පත්ව තිබෙනවා.
ඊයේ රැස් වු එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරීම් කිහිපයක් සිදු කළ බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.