News

එ.ජා.පයේ රැළිය 17 වෙනිදා දක්වා කල්යයි

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය එළැඹෙන 13 දා පවත්වීමට නියමිතව තිබුනද එය ලබන 17දා දක්වා එය කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එම රැළිය මෙසේ කල් දමා ඇත.

ඒ අනුව යුක්තියේ ජන සටන නමින් එජාපයේ රැළිය 17 දා කොළඹ ගෝල් ෆේස් පිටියේදී පැවැත්විමට නියමිතය.