News

එජාපයේ හා පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමකින් 03ක් රෝහලේ

අද (16) ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටුවේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.

එම ගැටුමෙන් පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් තුවාල ලබා ඇත.

ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත අතර බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇති බව පොලිසිය කියයි.