එජාපය අලියාගෙන් මහ මැතිවරණයට – අකිල මැකෝට දන්වයි
එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී අලියා ලකුණ යටතේ මැතිවරණ දිස්ත්රික් 22 සඳහා තරග කරන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ පිළිබද රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දුන් බවයි මහලේකම්වරයා සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබද මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.
