News

අපේ පක්ෂේ කතා කරන්න පුළුවන් නායකයින් කොච්ච්චර හිටියත් වැඩක් කරන්න පුළුවන් නායකයින් අඩුයි

එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත් සෑම දේශාපාලන පක්ෂයක්ම පසුගිය වසර 71 ක් තුළ රට හැදීමට මෙන්ම නැති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දී ඇති බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා එජාපය තුළ අද වන විට කථා කාරයෝ රැසක් සිටින බවත් වැඩකාරයෝ බොහෝම අඩුවෙන් සිටින බවත් සඳහන් කළේය.

දේශපාලඥයෝ පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට මිස තමාට සේවයක් කර ගැනීමට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.